Blogger Widgets
ධූමකේතුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.....Blogger Widgets

Tuesday, October 2, 2012

ප්‍රශ්න මැද අතරමංවෙන ආදරය

මම අද කියන්න යන්නෙ අද සමාජෙ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන. ගොඩක්ම කිව්වට ඉතින් මෙහෙමයි.එක එක්කෙනාට මේක බලපාන විදිය වෙනස් වෙනව. මම කියන්න යන මේ කතාව නම් ඇත්තම ඇත්ත කතාවක්. පිටස්තරයෙක් විදියට මම ඒක ගැන බලපු, මට ඒක පෙන විදිය තමයි මේ කියන්න යන්නෙ.

අද සමාජෙ ආදරේ කරන ජෝඩු අනන්තයි අප්‍රමාණයිනෙ. දැන් සමාජෙ නම් ඉතින් ඕව මොනවද. සම්බන්දකමක් තියෙන්නෙ බොහොම පොඩි කාලයයි. අද මේ ඒකට ඉන්නව. හෙට බලද්දී වෙන එකක්. ඒ අතරෙ සමහර අය ඉන්නව අවුරුදු ගානක් ආදරේ කරමින් කොච්චර ප්‍රශ්න ආවත් ඒවට ඒකට මූණ දීගෙන. ඒ එකකටවත් අයිති නැති තව පිරිසක් ඉන්නව කොච්චර ආදරේ තිබුණත් මොකක් හරි විසඳගන්න බැරි ප්‍රශ්නයක් නිසා කවද හරි එයාලට ඈත් වෙන්න සිද්ද වෙන. මම අද කියන්න යන්නෙ අන්න ඒවගේ අය ගැනයි. මේ වගේ සිද්දි ගොඩක් මං දන්න මගේ සමීප ගොඩාක් අයට වෙලා තියෙනව. හැමෝම ගැන කියන්න වෙලා නැහැනේ. දෙන්නෙක් ගැන කියන්නම්. මෙන්න එහෙනම් ඒ ආදරේ මගේ ඇසින් මට පේන විදිය.

මුළු හදවතින්ම ඇය ඔහුට ආදරේ කළා. හරියටම කියනව නම් ඒ ආදරේ ඇඟේ දුවන ලේ වලට දැනෙන තරමට ඇය ඔහුට ආදරෙයි. ඔහුත් එහෙමයි. කිසි වෙනසක් නැහැ. ඒත් කොල්ලෙක් නිසා වෙන්න ඕන ඔහු හිත මේ තරම් තදකරන් ඉන්නෙ. කෙල්ලෙක් හින්ද වෙන්න ඇති ඇගේ නෙත්වලින් ලස්සන මුතුකැට කඳුළු වැල් ගලන්නෙ. උගුරට හොරා බෙහෙත් බොන්න බෑ වගේ තමයි ආදරෙන් බැඳිච්ච හිත් දෙකකට ඒක වහං කරන් ඉන්න අමාරුයි. මුව ගොළු උනාට ඉතින් ඇස් කතා කරනවනෙ. දෙන්නටම හිතේ ඇති උන ආදරේ හංගගෙන ඉන්න බැරි උනා.



ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව.....පොඩි කිව්වට ඉතින්....හ්ම්ම්ම්.......අනේ මන්ද.....නොගැලපීමක්.....



කොල්ලෙක්ට තමන්ගේ කෙල්ල ඉස්සරහ තමන්ට දැනෙන දේ කියාගන්න බැහැ. ඇත්ත. කොල්ලො ඒකට දක්ෂ නැහැ. හිත් ගල් කරන් ඉන්නව.( මම මේ කියන්නෙ අවංකව ආදරේ කරන කොල්ලො ගැන මිසක් අනිත් අය ගැන නෙවෙයි හොඳද :) ) කටින් කියාගන්න බැරි උනත් ඇය හොඳින්ම දන්නව ඔහුගෙ හිතේ ඇය වෙනුවෙන් උපන් ආදරේ තරම.
මෙච්චරටම ආදරේ තිබුණත් එයාලට ලෝකෙට හොර රහසෙ ආදරේ කරන්න වෙලා. ඒ දෙන්නම වැරදිකාරයො නොවන වැරැද්දක් ඒ දෙන්නගෙ ආදරේට හරස් වෙලා.

ආදරේ කරන ජෝඩු පාර දිගේ ඇවිදිනව, සාප්පු සවාරියෙ යනව, මුහුසු වෙරළේ අත් පටලගෙන ඇවිදිනව. ඇයට හීල්ලුන වාර අනන්තයි.
" අනේ මටත් ආසයි එයාගෙ අතේ එල්ලිලා පොඩි එකෙක් වගේ ඇවිදගෙන යන්න. මුහුදු වෙරළෙ ඉඳගෙන එයාගේ උරහිසට ඔලුව තියන් හිතේ තියන මේ දුක දියවෙන්න අඩන්න"
ඇගේ හිත කිව්ව.
ඒත් මොකක්දෝ අවාසනාවකට කොහෙවත් නැති හේතුවක් එයාලට හරස් වෙලා. එයාලගෙ ලෝකෙ එයාලගෙ හීන හැබෑ කරගන්න බැරිවෙන තරමට ඒ හේතුව බරපතල වෙලා.



කොහොම එහෙම දුරස් වෙලා ඉන්නද. එච්චර ආදරයක් හිතේ තදකරන් දුරින් ඉන්න බැහැ කොහොමටවත්. ඔවුන් මුණගැහෙන්න තීරණය කළා...ඔව්...කාත් කවුරුවත් නැති තැනක. නිදහසේ හුස්ම ගන්න පුළුවන් තැනක. ඒ හේතුව කාටවත්ම ප්‍රශ්නයක් නොවන තැනක. ඔවුන්ගෙම ලෝකෙක මොහොතකට හරි තනිවෙන්න පුළුවන් තැනක. කොච්චර ප්‍රශ්න තිබුණත් ආදර ලෝකෙ තනි උනාම මහලොකුවට තියෙන ප්‍රශ්න නිකන්ම පුස්සක් වෙලා යනවනෙ. ඒ හෝරා කීපය සැක නෑ කල්පයක් තරම් ඇති ඒ දෙන්නට. ආපහු වතාවක් මුණගැහෙනකල් ජීවත් වෙලා ඉන්න. ඒත් කවද වෙනකල් එහෙම ඉන්නද? මට අදාළ නෑ උනත් මට බෑ මේව බලන් ඉන්න. ඔව් මම කතාකල යුතුයි. ඉතින් මම ඔවුන් එක්ක කතා කරන්න පටන් ගත්ත.

"ඔය කියන හේතුව ඇයත් එක්ක අනාගතයක් ගොඩනගන්න බැරි තරමටම ප්‍රශ්නයක්ද?" මම ඔහුගෙන් ඇහුව.
"ඔයා දැන දැනත් ඒක ප්‍රශ්නයක් කියල ඇයි මෙහෙම සම්බන්දයක් ගොඩනගාගන්න ඔහුට සහය දුන්නෙ?" මම ඇගෙන් ඇහුව. අසරණ ඔවුන් දෙන්නම අද ගොළුවෙලා. දෙන්න උත්තර නැතිලු.
ආදරේ කරන ඒක වරදක් නෙවෙයි. ඒත් කවදාවත් වෙන්නෙ නැති බව දැන දැනත් ඇයි හීන බලන්න ගියේ එහෙනම්?

මම දන්නව එයාලට සුන්දර අතීතයක් තියෙනව. මතක් කරන්න කරන්න ආස හිතෙන ඒ අතීතෙ රණ්ඩුසරුවල් නෑ, වංකත්වයක් ව්‍යාජ කමක් නෑ. තියෙන්නෙ ආදරේ විතරමයි. තාමත් එයාල ගොඩාක් ආදරෙන්. හරි මට තව ප්‍රශ්න තියෙනව දෙන්නම උත්තර දෙන්න ඕන. මේව මට අදාළ ප්‍රශ්න නෙවෙයි. ඒත් මට මේව තවත් බලන් ඉන්න බෑ. ඒක නිසා තරහනම් වෙන්න එපා. ඔන්න මම අහනව.

01) ඔයාල දෙන්නගෙන් දැන් මුලින්ම වෙන කෙනෙක්ව බඳින්න යන්නෙ කව්ද?
02) අනිත් කෙනා වෙන කෙනෙක්ගෙ වෙනව බලන් ඉන්න පුලුවන්ද?
03) මෙච්චර ආදරේ කරලත් ඊට පස්සෙ සම්බන්දෙ නවත්තල දාල යාළුවො වගේ ඉන්න පුලුවන්ද? නැත්නම්   එකිනෙකාව සදහටම අමතක කරනවද?
04) එහෙමත් නැත්නම් අනිත් ඔක්කොම ප්‍රශ්න අමතක කරලා දාල එකතු වෙනවද?

ආපහු දෙන්නම ගොළුයි. දීගන්න උත්තර නැහැ. ඇයි දෙයියනේ ආදරේ කරන්නෙ මේකටද? මේ මොන දුකක්ද? මට තරහෙ බෑ.



මේ වගේ කතා අද සමාජෙ හැමෝම කට්ටිය ඕන තරම් අහල ඇති. ආදරේ කරපු ආදරවන්තයො වෙන්වෙලා යනව ඇති එක එක හේතු නිසා. අපි පිටින් ඉඳගෙන බලන් ඉඳල ඒවට එක එක විවේචන දෙනව " ඕව ඔහොම තමයි. මේ ලෝකෙ ඔහොම උන එකම ජෝඩුව ඔයාල දෙන්න නෙවෙයි" කියල. අපිත් බලන්නේ ඉතින් පොඩ්ඩක් හරි එයාලගෙ හිත හදන්නනේ. කියන්නා කෙසේ කීවත් ඉතින් ඔහොම වෙන් වෙලා යන එකේ අමාරුකම දන්නෙ ඉතින් ඒ දෙන්නම තමයි.
මොනදේ කොහොම සිද්ද උනත් කලින් ආදරේ කළ කෙනාව හිතේ තියාගෙන  වෙන කෙනෙක් කසාද බඳින එක නම් මහා පාපකර්මයක්. ඒකෙන් වෙන්නෙ කිසි වැරද්දක් නොකළ අනිත් කෙනාගෙ ලස්සන ජීවිතේ නාස්ති වෙලා යන එක. අසාර්ථක පවුල් ජීවිත වලට එක හේතුවක් තමයි ඔන්න ඕක. ඔන්න ඒක නිසා මම ඒ දෙන්නට කියනව මේ ප්‍රශ්නෙට විසඳුම් ක්‍රම දෙකක්. තෝරගන්න බලන්නකෝ වැඩියෙන් කරන්න ලේසිම ක්‍රමේ.



01) මොන ප්‍රශ්නෙ ආවත් එකිනෙකා නැතුව ඉන්න බැහැ කියල හිතෙනව නම්, ඕනම දේකට එකට මූණ දීල ඔයාල දෙන්න එකතු වෙන්න ඔන්න.
02) නැතිනම් ඔයාල දෙන්නට දෙන්න එකිනෙකාගෙ මතක හිතෙන් මකල දාල අලුතින් ජීවිතේට එකතු කරගන්න කෙනා එක්ක සතුටින් ඉන්න ඕන. කිසිම දුකක් එයාට නොදී.

ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද? ( මට මාරම තරහයි අප්පා. ඔච්චර ආදරේ කරලා දෙන්නෙක් වෙන් වෙනවට මම කැමතිම නෑ. තව අය ඉන්නව තව කෙනෙක්ගෙ හිත රිදේවි කියල තමන්ගෙ ඇත්තම ආදරේ නැති කරගන්නව. අන්න ඒක ඊටත් වැඩිය මට පෙන්න බෑ)

ගතයුතු ආදර්ශ :-

01) අනාගතේ එකතුවීමක් නැති බව මුලින්ම වැටහේ නම්, කොච්චර අමාරු උනත් කමක් නෑ, හැගීම් වලට වහල් නොවී සිත දැඩි කරගෙන, කාගෙන සිත දමනය කරගත යුතුය.
02) ආදරේට වහල් නොවිය යුතුය.
03) බැඳීම යනු අති දුක්ඛදායක දෙයකි. පුළුවන් තරමින් ඒවාගෙන් ඈත්වන්න.


14 comments:

  1. අනේ මන්ද අප්පා..ගොඩක් උවමනාවෙන් කියෙව්වේ මේක............................. ::::::::: කියනෙන් මොනාද කියල තේරෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. හිතාගන්න බෑ තමා හිරුවෝ.. මොනව කරන්නද...හ්ම්ම්ම්

      Delete
  2. මම නම් දන්නේ නෑ ඕවා. මගේ ආදරේට නම් කවදාවත් ප්‍රශ්න නෑ.මොකද තාම නෑනේ

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්...කවදාවත් කාටවත් ප්‍රශ්න එන්න එපා කියල ප්‍රර්ථනා කරමු !!!

      Delete
  3. "01) අනාගතේ එකතුවීමක් නැති බව මුලින්ම වැටහේ නම්, කොච්චර අමාරු උනත් කමක් නෑ, හැගීම් වලට වහල් නොවී සිත දැඩි කරගෙන, කාගෙන සිත දමනය කරගත යුතුය.
    02) ආදරේට වහල් නොවිය යුතුය.
    03) බැඳීම යනු අති දුක්ඛදායක දෙයකි. පුළුවන් තරමින් ඒවාගෙන් ඈත්වන්න."


    ඇත්තම ඇත්ත.ප්‍රශ්න ආවම ඒවාට බයේ පැනලා යන මිනිහා හෝ ගෑනි ආදරේ නොකළ යුතුයි

    ReplyDelete
    Replies
    1. "ප්‍රශ්න ආවම ඒවාට බයේ පැනලා යන මිනිහා හෝ ගෑනි ආදරේ නොකළ යුතුයි" ඔයාගේ කතාවත් ඇත්තම ඇත්ත :)

      Delete
  4. අමාරුම එක තමයි බැඳීම්වලින් ඈත්වෙන එක.. ඒ මොකද ගිහි ජීවිතය රඳා පවතින්නේ බැඳීම් වලනේ.. බැඳීම් අස්තිරබව අඩුම ගන්නේ වටහාගත්තත් ඇති.. එකත් අමාරු වැඩක්..

    ReplyDelete
    Replies
    1. ඔව්...පෘතග්ජනයො හැටියට බැඳීම වලින් ඈත් වීම ගොඩක් අමාරු වැඩක්

      Delete
  5. මමත් කියෙව්වා.. ඇත්තටම පුංචි පුංචි ප්‍රශ්න හරි ලොකු ලොකු ලොකු ප්‍රශ්න නිසා හරි ඇත්තටම එය නැතිව ජීවත් වෙන්න අමාරු නම් වෙන් වෙලා තේරුමක් නැහැ ..:)

    ReplyDelete
    Replies
    1. :)ඒකත් ඇත්ත...දෙන්නට දෙන්න නැතුවම බැරි නම් කවදම හරි එකතු වේවි :)

      Delete
  6. අනේ ආදරේ කරනකොට එන ප්‍රස්න කංදරාව අප්පා....
    ඒකනේ මං ආදරේ කරන්නැත්තේ...

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න වලින් තොර ආදරයක් ලැබේවා !!!! :)

      Delete
  7. හ්ම්ම්ම්... පෝස්ට් එක නියමෙටම ලියලා.. දාන කමෙන්ට් එකක් හිතා ගන්න බෑ.. ප්‍රශ්ණ කියන දේවල් නම් ඉතින් එන්නේ නැත්තේ නෑ.. ඒකට මූණ දෙන විදිහෙන් තමයි හැමදේම තීරණය වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ් :) මමත් හිතනව හොඳ විදියකට එයාලගෙ ප්‍රශ්නෙ විසදේවි කියල.

      Delete