Blogger Widgets
ධූමකේතුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.....Blogger Widgets

Thursday, September 27, 2012

ආදරේට ආදරෙන්

කොච්චර  හිතුවත් කතාවක් ලියන්න ඕන කියල කෝ ඉතින් නැහැනෙ කිසිම මූඩ් එකක් කතාවක් කියන්න. ගෙදරට වෙලා පාළුවෙන් ඉන්නකොට ඉතින් මම කරන්නෙ එක්කො සින්දුවක් අහනව නැත්නම් මොකක් හරි කවි කෑල්ලක් කුරුටු ගානවා. එතකොට අර කලින් තිබුන පාළුව කොහෙ ගියාද වගේ නැතුව යනව. හිතන් හිටියේ වෙනස් මාතෘකාවක කවියක් ලියන්න. අනේ ඉතින් ඒකෙත් හැටි බලන්නකො අන්තිමට මේකටත් ආදරේ ගෑවිලා..හිකිස්..රසවිඳින්න ටිකක් අමාරු උනත් ඔන්න ඔහේ දැම්ම..කියවල බලන්නකෝ......













වසන්තය පුරාවට 
මල් පිපෙනව තමයි
එන සීත සෘතුවට
පරවෙනව දුකයි
අනේ ඒත්.............
සන්සාරෙ පුරාවට 
ඕන කළ එකමදේ
ඔය මුළු දිවිමගම
තුටුමලින් සරසන්න
සිත්සෙනේ පුදදෙන්න

කිරිකෝඩු හිතකට
පෙම්බැන්ද හැබැයි
ආදරම වදනකට
සිත පිදුව වගයි
අනේ ඒත්...............
දිවුරන්න පුලුවන්ද
ගෙවෙන හැම දිනයකම
මේවගේ ඔය සෙනෙත්
සදාකල් පවතින්නෙ
මටමමද? මගේමද?

දවසෙඅග ගෙවෙනකොට
හිරු සයුරෙ ගිලෙයි
නැගීගෙන එන සඳට
ලොව ප්‍රේම කරයි
අනේ ඒත්................
ආසයි  දැනගන්න
මං නැතුව මේලෝකෙ
ගෙවෙන තප්පරේකට
කඳුළුකැට නොවැටේද?
සිත වෙනස් නොමවේද?


12 comments:

  1. හි.. හි.. නියමයි නියමයි.කතාවක් ලියනවනම් විද්‍යා ප්‍රබන්ධයක් වගේ හරි බය හිතෙන එකක් හරි ලියන්න අප්පා.ආදරේ නම් එපා.ජය !

    ReplyDelete
    Replies
    1. කට්ටියට ආදර කතා ඇලජික් වගේ....මේ පැත්තෙ ආවට ස්තුතියි :)

      Delete
  2. //සන්සාරෙ පුරාවට
    ඕන කළ එකමදේ
    ඔය මුළු දිවිමගම
    තුටුමලින් සරසන්න//

    තුටු මලින් සනසන්න ගිහින් කඳුළු වලින් නෑවෙන්න නොවුනොත් ඇති!!

    ලස්සනයි තරුමලී!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතූ....කියල වැඩක් නෑ අනේ ඕක ගැන නම්...මල් වලින් සරසන්න ගිහින් හැමදාම නාල තමයි එන්නෙ.. :D

      Delete
  3. කවි පන්තිය නම් වචනයෙන් කියන්න බැරි ගොඩක් දෙවල් සිතෙ චිත්‍රනය කලා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සචිත්...කතාවක් ලියනවට වඩා කවියකින් ගොඩක් දේවල් කියන්න පුලුවන්නෙ :)

      Delete
  4. මම අද හිතාගත්තා මරණ තර්ජන ආවත් ආදර කතානං ලියන්නෑ කියලා..
    අම්මපා...
    හෙනම ගහපං ඔය ආදර කතා වලට..

    ReplyDelete
    Replies
    1. අපෝ තරියෝ මොනාද හලෝ හෙන ගහන කතා කියන්නෙ... ඔව් ඔව් සුරංගනා කතා එතකොට මඩ කතා, ඔයා ඒව ලියන්න :P

      Delete
  5. අනේ ඒත්...............
    දිවුරන්න පුලුවන්ද
    ගෙවෙන හැම දිනයකම
    මේවගේ ඔය සෙනෙත්
    සදාකල් පවතින්නෙ
    මටමමද? මගේමද...///

    ලස්සනයි තරු මලී.....

    ReplyDelete
  6. ලස්සනයි යාලු..)

    ReplyDelete