Blogger Widgets
ධූමකේතුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.....Blogger Widgets
Showing posts with label කඳුළු තරූ කැට. Show all posts
Showing posts with label කඳුළු තරූ කැට. Show all posts

Monday, August 20, 2012

නොනිමි බැඳීම...


මගේ හිත්ගිනි
නිවාලන්න
නිරතුරා මුවගට
සිනා ගෙනෙන්න
ලස්සන ජීවිතේ
ගිනිගොඩක් කරගත්ත  
ඔයාට....
කකුල්දෙක අල්ලල
කියන්න තියෙන්නෙ
සමාවෙන්න කියල
විතරමයි මට....
මින් ඉදිරියට
කරන්නට දෙයක්
හිතාගන්න බැහැ
පුළුවන් නම්
කියල දෙනවද?
මීට මම ඔබේ
ඔව් ඔයා හරි....
ඒ මම තමයි
කවුද කියල
කියන්න
ඕන නැහැ නේද?

Thursday, August 16, 2012

බින්දු

මේ  මහා පොළවෙ ලස්සනට පිපෙන මල් නම් කීයක් තියෙනවද.....ඒත් ඒව සදාකාලිකවම පිපිල තියෙන්නේ නෑ...අපිට පේන්න පිපිල ටික දවසකින් පරවෙලා යනව...හ්ම්ම්ම්....
ඒත්... අනේ ඒත්....කොහොම හරි කරල ඒ එකම එක මලක්වත් මට තියාගන්න පුළුවන් නම් හැමදාමත්..... දන්නව හිත හොඳටම දවල් හීන බැලුවට හැබෑවෙන්නෙ නැහැ කියලත්.... මොනවා කරන්නද...
හිතුවක්කාර වෙලා හිත....

Sunday, May 6, 2012

සිතින් ඔබ තව ඈත

සිතිවිල්ලකින්වත් 
එන්නෙ නැති නම් ඔයා 
හිතේ සැනසිල්ලකට 
ළඟත් නැති නම් ඔයා
ගෙවෙන හැම මොහොතකම 
තේරුමක් නෑ තවත් 
ඔබ නමින් ලතැවෙන්න
සැපක් මං අඬනවා
හිතේ දුක දියවෙන්න