Blogger Widgets
ධූමකේතුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.....Blogger Widgets

Tuesday, October 2, 2012

ප්‍රශ්න මැද අතරමංවෙන ආදරය

මම අද කියන්න යන්නෙ අද සමාජෙ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන. ගොඩක්ම කිව්වට ඉතින් මෙහෙමයි.එක එක්කෙනාට මේක බලපාන විදිය වෙනස් වෙනව. මම කියන්න යන මේ කතාව නම් ඇත්තම ඇත්ත කතාවක්. පිටස්තරයෙක් විදියට මම ඒක ගැන බලපු, මට ඒක පෙන විදිය තමයි මේ කියන්න යන්නෙ.

අද සමාජෙ ආදරේ කරන ජෝඩු අනන්තයි අප්‍රමාණයිනෙ. දැන් සමාජෙ නම් ඉතින් ඕව මොනවද. සම්බන්දකමක් තියෙන්නෙ බොහොම පොඩි කාලයයි. අද මේ ඒකට ඉන්නව. හෙට බලද්දී වෙන එකක්. ඒ අතරෙ සමහර අය ඉන්නව අවුරුදු ගානක් ආදරේ කරමින් කොච්චර ප්‍රශ්න ආවත් ඒවට ඒකට මූණ දීගෙන. ඒ එකකටවත් අයිති නැති තව පිරිසක් ඉන්නව කොච්චර ආදරේ තිබුණත් මොකක් හරි විසඳගන්න බැරි ප්‍රශ්නයක් නිසා කවද හරි එයාලට ඈත් වෙන්න සිද්ද වෙන. මම අද කියන්න යන්නෙ අන්න ඒවගේ අය ගැනයි. මේ වගේ සිද්දි ගොඩක් මං දන්න මගේ සමීප ගොඩාක් අයට වෙලා තියෙනව. හැමෝම ගැන කියන්න වෙලා නැහැනේ. දෙන්නෙක් ගැන කියන්නම්. මෙන්න එහෙනම් ඒ ආදරේ මගේ ඇසින් මට පේන විදිය.

මුළු හදවතින්ම ඇය ඔහුට ආදරේ කළා. හරියටම කියනව නම් ඒ ආදරේ ඇඟේ දුවන ලේ වලට දැනෙන තරමට ඇය ඔහුට ආදරෙයි. ඔහුත් එහෙමයි. කිසි වෙනසක් නැහැ. ඒත් කොල්ලෙක් නිසා වෙන්න ඕන ඔහු හිත මේ තරම් තදකරන් ඉන්නෙ. කෙල්ලෙක් හින්ද වෙන්න ඇති ඇගේ නෙත්වලින් ලස්සන මුතුකැට කඳුළු වැල් ගලන්නෙ. උගුරට හොරා බෙහෙත් බොන්න බෑ වගේ තමයි ආදරෙන් බැඳිච්ච හිත් දෙකකට ඒක වහං කරන් ඉන්න අමාරුයි. මුව ගොළු උනාට ඉතින් ඇස් කතා කරනවනෙ. දෙන්නටම හිතේ ඇති උන ආදරේ හංගගෙන ඉන්න බැරි උනා.



ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව.....පොඩි කිව්වට ඉතින්....හ්ම්ම්ම්.......අනේ මන්ද.....නොගැලපීමක්.....

Thursday, September 27, 2012

ආදරේට ආදරෙන්

කොච්චර  හිතුවත් කතාවක් ලියන්න ඕන කියල කෝ ඉතින් නැහැනෙ කිසිම මූඩ් එකක් කතාවක් කියන්න. ගෙදරට වෙලා පාළුවෙන් ඉන්නකොට ඉතින් මම කරන්නෙ එක්කො සින්දුවක් අහනව නැත්නම් මොකක් හරි කවි කෑල්ලක් කුරුටු ගානවා. එතකොට අර කලින් තිබුන පාළුව කොහෙ ගියාද වගේ නැතුව යනව. හිතන් හිටියේ වෙනස් මාතෘකාවක කවියක් ලියන්න. අනේ ඉතින් ඒකෙත් හැටි බලන්නකො අන්තිමට මේකටත් ආදරේ ගෑවිලා..හිකිස්..රසවිඳින්න ටිකක් අමාරු උනත් ඔන්න ඔහේ දැම්ම..කියවල බලන්නකෝ......













වසන්තය පුරාවට 
මල් පිපෙනව තමයි
එන සීත සෘතුවට
පරවෙනව දුකයි
අනේ ඒත්.............
සන්සාරෙ පුරාවට 
ඕන කළ එකමදේ
ඔය මුළු දිවිමගම
තුටුමලින් සරසන්න
සිත්සෙනේ පුදදෙන්න

Wednesday, September 19, 2012

ලස්සනම හීනෙ…..


දෑස් ඇත තව ලංව
ඉන්න බෑ දැන් දුරස්ව
කිසිදාක නොම කීව
සෙනෙහෙ තව මා ගාව

ස්වප්නෙකින් මවෙත ආව
ඇවිත් මේ හිත ගාව
කීව ඒ බස් තාම
කිතිකවයි සිත මාව

උණුහුමට නිදන්ව
ඉන්න ආසයි තුරුල්ව
සඳ පෑයු රෑක
ඉන්නවද මේ දෑසගාව

Monday, August 20, 2012

නොනිමි බැඳීම...


මගේ හිත්ගිනි
නිවාලන්න
නිරතුරා මුවගට
සිනා ගෙනෙන්න
ලස්සන ජීවිතේ
ගිනිගොඩක් කරගත්ත  
ඔයාට....
කකුල්දෙක අල්ලල
කියන්න තියෙන්නෙ
සමාවෙන්න කියල
විතරමයි මට....
මින් ඉදිරියට
කරන්නට දෙයක්
හිතාගන්න බැහැ
පුළුවන් නම්
කියල දෙනවද?
මීට මම ඔබේ
ඔව් ඔයා හරි....
ඒ මම තමයි
කවුද කියල
කියන්න
ඕන නැහැ නේද?

Friday, August 17, 2012

යාළුවන්ගෙ ආදර හුටපට - 01

හිත හිත ඉන්නකොට කල්පනාවට ආව නොවැ හොඳ මාතෘකාවක්.... මම මෙහෙම හිටියට නම් මොකෝ ඉස්සර ඉඳලම මට තැපැල් සේවයේ අත්දැකීම් නම් එමටයි. :D කීයක් නම් ලියුම් බෙදල තියෙනවද මගේ මේ පොඩි වයසට...කට්ටියගේ ලව් හුටප්පර වලට සප් එක දීල තියෙනව අනන්තවත්...අදටත් පුළුපුළුවන් විදියට උදව් කරනව.

Thursday, August 16, 2012

බින්දු

මේ  මහා පොළවෙ ලස්සනට පිපෙන මල් නම් කීයක් තියෙනවද.....ඒත් ඒව සදාකාලිකවම පිපිල තියෙන්නේ නෑ...අපිට පේන්න පිපිල ටික දවසකින් පරවෙලා යනව...හ්ම්ම්ම්....
ඒත්... අනේ ඒත්....කොහොම හරි කරල ඒ එකම එක මලක්වත් මට තියාගන්න පුළුවන් නම් හැමදාමත්..... දන්නව හිත හොඳටම දවල් හීන බැලුවට හැබෑවෙන්නෙ නැහැ කියලත්.... මොනවා කරන්නද...
හිතුවක්කාර වෙලා හිත....

Wednesday, August 8, 2012

මට විතරක් ඇයි


තප්පර මිනිත්තු
පැය දින 
සති මාස ගණනක්
ගෙවී ගෙවී යනවා
වැදගැම්මකට නැතුවම 
මම තව තවත් 
වයසටම යනවා
උදේ නැගිට්ටම 
පිම්මේ දුවගෙන 
යන්නෙ ටොප්ජෝබ්
දිනපතා දැම්මත් 
ජීවදත්තය
දිගට හරහට 
ඇති පලක් නෑ වගේ
දවසක්  කෙනෙක් කිව්වා 
වගේ මතකයි ලාවට
පහුවෙලාලු හරියන්නෙ
මේ මට
දුක තේරෙන්නෙ
මගේ පපුවට
විතරද

Saturday, May 19, 2012

ඇත්ත


                                                                                
මං මෝඩ උනා
පිළිගත්තෙ නෑ මං
ඔයා මට කිව්වට
වයසින් 
මෝරනකොට
ඔයාට තේරෙයි 
කියල 
මං මක්කරන්නද 
එතකොට මං 
පොඩි වැඩියි 
තේරුම් ගන්න 
සමහර මිනිස්සු  
අවස්ථාවාදියි
කුහකයි කියල
දැන් නම් දන්නව
ඔයා ඒ කියපු 
හැමදේම 
අමුම අමු 
ඇත්ත කියල



Tuesday, May 8, 2012

අසුරු සැණින්

"අනේ කෝ තාම නැහැනේ ....දැන් මම කොච්චර වෙලා නම් හිටියද.මගේ කකුල් දෙකත් රිදෙනවා හිටගෙනම ඉඳල."

මම හිතින් හිතා ගත්ත.බස් එකට දිග පෝලිමක්.ඒ මදිවට ගොඩක් වෙලාවකින් බස් ආවෙත් නැහැනෙ.පෝලිමේ හිටගෙන ඉඳලම මගේ කකුල් දෙකත් හොඳටෝම රිදෙනව.දැන්නම් එයාට එන්න වෙලා.හොඳටම දන්නව මං ඇවිල්ල ගොඩක් වෙලා කියල.ඒත් තාම නැහැනෙ.

"හෙලෝ,ඔයා කොහෙද ඉන්නෙ අයියේ?එන්න තව ගොඩක් වෙලා යයිද?"

"තාම මග.තව ටිකයි,තව ටිකයි.ඔහොම ඉන්න මම ටක්ගාල එන්නම්කො"

Sunday, May 6, 2012

සිතින් ඔබ තව ඈත

සිතිවිල්ලකින්වත් 
එන්නෙ නැති නම් ඔයා 
හිතේ සැනසිල්ලකට 
ළඟත් නැති නම් ඔයා
ගෙවෙන හැම මොහොතකම 
තේරුමක් නෑ තවත් 
ඔබ නමින් ලතැවෙන්න
සැපක් මං අඬනවා
හිතේ දුක දියවෙන්න  


පිවිසුම


මහමෙරක් සිහින මැද
කප්පරක් දිරි අරන් 
හිතේ වූ සුවහසක් 
තෙරපෙනා මේ හැඟුම් 
පෙරලන්න පබැඳුමකට
ඉතින් දැන් අවසරයි 
ලබැඳි  මා  සබඳ 
දෙන්න මට අවසර