Blogger Widgets
ධූමකේතුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.....Blogger Widgets

Thursday, August 16, 2012

බින්දු

මේ  මහා පොළවෙ ලස්සනට පිපෙන මල් නම් කීයක් තියෙනවද.....ඒත් ඒව සදාකාලිකවම පිපිල තියෙන්නේ නෑ...අපිට පේන්න පිපිල ටික දවසකින් පරවෙලා යනව...හ්ම්ම්ම්....
ඒත්... අනේ ඒත්....කොහොම හරි කරල ඒ එකම එක මලක්වත් මට තියාගන්න පුළුවන් නම් හැමදාමත්..... දන්නව හිත හොඳටම දවල් හීන බැලුවට හැබෑවෙන්නෙ නැහැ කියලත්.... මොනවා කරන්නද...
හිතුවක්කාර වෙලා හිත....


                                                                   අහසින් වැටෙන
                                                                   හැම වැහි බිදුවක්
                                                                   ගානෙම.......
                                                                   එකතු කරන්න
                                                                   පුළුවන් නම්
                                                                   පුංචි අත් දෙකෙන්
                                                                   මට........
                                                                   සත්තමයි මන්
                                                                   මියැදිලා යන්න දෙන්නෑ
                                                                   මේ මහ පොළවෙ
                                                                   උදේ පින්නට පිපුණු
                                                                   එකම එක මලක්වත්
                                                                   හවස් වෙනකොට

20 comments:

  1. බුදු අම්මේ ඔක්කොම පිනි බින්දු දෝතට
    ඔයිට වඩා ලේසි නැද්ද වැවක් ගාවට ගියා නමි එතන වතුර ඕනි තරමි

    ReplyDelete
    Replies
    1. ළඟ පාතක වැවක් තියා ඇලක් දොළක් වත් නෑ ජින්ජියෝ... :p

      Delete
  2. වටිනවා වටිනවා වටිනවා... ජයෙන් ජය ඇ

    ReplyDelete
  3. පිපිණු මල් පරවේවි
    තවත් මල් පිබිදේවි....

    ලොව සොබා එසේමය
    වෙනස් කල නොහැකිමය...

    ලස්සනයි තරූ... :)

    ReplyDelete
    Replies
    1. පරවෙනා මල ගානෙ
      තව තවත් මල් පිපෙන
      සුන්දරම ලොවකි මෙය
      සබඳ ඔබ මම සිටින

      පිළිතුරත් ලස්සනයි :)

      Delete
  4. පිපෙන්නට නම් අලුත් මලක්
    පරවෙන්න ඕන පිපුණු මල්
    එහෙම නොවුනොත් නම් ඉතින්
    අගේ නැති වේවි කිසිම මලක...

    (දන්නා විදිහට කිව්වා)

    ReplyDelete
    Replies
    1. එක අතකට බැලුවම ආගන්තුක සහෝ කියන කතාවත් ඇත්ත තමයි....දන්න විදියට කිව්වත් ඔය පද ටික අපූරුවට ගලපල තියෙන්නේ.... :)

      Delete
  5. අහිංසක සිතුවිල්ලක්..
    ලස්සනයි ගොඩක්..!

    ReplyDelete
  6. ඇති වීම නැතිවීම
    පමණකිය තිර ලොවේ
    පරවීම මලට හිමි
    නොහැක නැවතිය දුවේ !

    ReplyDelete
  7. ලොකු ප්‍රොජෙක්ට් එකක් නොවැ

    ReplyDelete
    Replies
    1. මම අහිංසකව හිතුව සිතිවිල්ලක් නොවැ ;)

      Delete
  8. හරිම ලස්සනයි :)

    ReplyDelete
  9. හරි ම අහිංසක සිතුවිල්ලක්.... ඒත් ප්‍රායෝගික ද මන්දා! එක අතක ට හිත ට හිතෙන හැමදේමත් ප්‍රායෝගික නෑ නෙහ්.....

    ලස්සනයි යාළු.... :)))

    ReplyDelete
    Replies
    1. ඇත්ත.ප්‍රායෝගික නම් නෑ තමයි.ඇත්තටම මම මේකෙ මල් වලට සමාන කලේ කෙනෙක්ගෙ හිතේ තියෙන බලාපොරොත්තු ගොන්නකට :)

      Delete
  10. ලස්සනායි!!
    DongaAyya

    ReplyDelete