Blogger Widgets
ධූමකේතුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.....Blogger Widgets

Tuesday, October 2, 2012

ප්‍රශ්න මැද අතරමංවෙන ආදරය

මම අද කියන්න යන්නෙ අද සමාජෙ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන. ගොඩක්ම කිව්වට ඉතින් මෙහෙමයි.එක එක්කෙනාට මේක බලපාන විදිය වෙනස් වෙනව. මම කියන්න යන මේ කතාව නම් ඇත්තම ඇත්ත කතාවක්. පිටස්තරයෙක් විදියට මම ඒක ගැන බලපු, මට ඒක පෙන විදිය තමයි මේ කියන්න යන්නෙ.

අද සමාජෙ ආදරේ කරන ජෝඩු අනන්තයි අප්‍රමාණයිනෙ. දැන් සමාජෙ නම් ඉතින් ඕව මොනවද. සම්බන්දකමක් තියෙන්නෙ බොහොම පොඩි කාලයයි. අද මේ ඒකට ඉන්නව. හෙට බලද්දී වෙන එකක්. ඒ අතරෙ සමහර අය ඉන්නව අවුරුදු ගානක් ආදරේ කරමින් කොච්චර ප්‍රශ්න ආවත් ඒවට ඒකට මූණ දීගෙන. ඒ එකකටවත් අයිති නැති තව පිරිසක් ඉන්නව කොච්චර ආදරේ තිබුණත් මොකක් හරි විසඳගන්න බැරි ප්‍රශ්නයක් නිසා කවද හරි එයාලට ඈත් වෙන්න සිද්ද වෙන. මම අද කියන්න යන්නෙ අන්න ඒවගේ අය ගැනයි. මේ වගේ සිද්දි ගොඩක් මං දන්න මගේ සමීප ගොඩාක් අයට වෙලා තියෙනව. හැමෝම ගැන කියන්න වෙලා නැහැනේ. දෙන්නෙක් ගැන කියන්නම්. මෙන්න එහෙනම් ඒ ආදරේ මගේ ඇසින් මට පේන විදිය.

මුළු හදවතින්ම ඇය ඔහුට ආදරේ කළා. හරියටම කියනව නම් ඒ ආදරේ ඇඟේ දුවන ලේ වලට දැනෙන තරමට ඇය ඔහුට ආදරෙයි. ඔහුත් එහෙමයි. කිසි වෙනසක් නැහැ. ඒත් කොල්ලෙක් නිසා වෙන්න ඕන ඔහු හිත මේ තරම් තදකරන් ඉන්නෙ. කෙල්ලෙක් හින්ද වෙන්න ඇති ඇගේ නෙත්වලින් ලස්සන මුතුකැට කඳුළු වැල් ගලන්නෙ. උගුරට හොරා බෙහෙත් බොන්න බෑ වගේ තමයි ආදරෙන් බැඳිච්ච හිත් දෙකකට ඒක වහං කරන් ඉන්න අමාරුයි. මුව ගොළු උනාට ඉතින් ඇස් කතා කරනවනෙ. දෙන්නටම හිතේ ඇති උන ආදරේ හංගගෙන ඉන්න බැරි උනා.



ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව.....පොඩි කිව්වට ඉතින්....හ්ම්ම්ම්.......අනේ මන්ද.....නොගැලපීමක්.....

Best Blogger Tips

Thursday, September 27, 2012

ආදරේට ආදරෙන්

කොච්චර  හිතුවත් කතාවක් ලියන්න ඕන කියල කෝ ඉතින් නැහැනෙ කිසිම මූඩ් එකක් කතාවක් කියන්න. ගෙදරට වෙලා පාළුවෙන් ඉන්නකොට ඉතින් මම කරන්නෙ එක්කො සින්දුවක් අහනව නැත්නම් මොකක් හරි කවි කෑල්ලක් කුරුටු ගානවා. එතකොට අර කලින් තිබුන පාළුව කොහෙ ගියාද වගේ නැතුව යනව. හිතන් හිටියේ වෙනස් මාතෘකාවක කවියක් ලියන්න. අනේ ඉතින් ඒකෙත් හැටි බලන්නකො අන්තිමට මේකටත් ආදරේ ගෑවිලා..හිකිස්..රසවිඳින්න ටිකක් අමාරු උනත් ඔන්න ඔහේ දැම්ම..කියවල බලන්නකෝ......













වසන්තය පුරාවට 
මල් පිපෙනව තමයි
එන සීත සෘතුවට
පරවෙනව දුකයි
අනේ ඒත්.............
සන්සාරෙ පුරාවට 
ඕන කළ එකමදේ
ඔය මුළු දිවිමගම
තුටුමලින් සරසන්න
සිත්සෙනේ පුදදෙන්න

Wednesday, September 19, 2012

ලස්සනම හීනෙ…..


දෑස් ඇත තව ලංව
ඉන්න බෑ දැන් දුරස්ව
කිසිදාක නොම කීව
සෙනෙහෙ තව මා ගාව

ස්වප්නෙකින් මවෙත ආව
ඇවිත් මේ හිත ගාව
කීව ඒ බස් තාම
කිතිකවයි සිත මාව

උණුහුමට නිදන්ව
ඉන්න ආසයි තුරුල්ව
සඳ පෑයු රෑක
ඉන්නවද මේ දෑසගාව

Monday, August 20, 2012

නොනිමි බැඳීම...


මගේ හිත්ගිනි
නිවාලන්න
නිරතුරා මුවගට
සිනා ගෙනෙන්න
ලස්සන ජීවිතේ
ගිනිගොඩක් කරගත්ත  
ඔයාට....
කකුල්දෙක අල්ලල
කියන්න තියෙන්නෙ
සමාවෙන්න කියල
විතරමයි මට....
මින් ඉදිරියට
කරන්නට දෙයක්
හිතාගන්න බැහැ
පුළුවන් නම්
කියල දෙනවද?
මීට මම ඔබේ
ඔව් ඔයා හරි....
ඒ මම තමයි
කවුද කියල
කියන්න
ඕන නැහැ නේද?

Friday, August 17, 2012

යාළුවන්ගෙ ආදර හුටපට - 01

හිත හිත ඉන්නකොට කල්පනාවට ආව නොවැ හොඳ මාතෘකාවක්.... මම මෙහෙම හිටියට නම් මොකෝ ඉස්සර ඉඳලම මට තැපැල් සේවයේ අත්දැකීම් නම් එමටයි. :D කීයක් නම් ලියුම් බෙදල තියෙනවද මගේ මේ පොඩි වයසට...කට්ටියගේ ලව් හුටප්පර වලට සප් එක දීල තියෙනව අනන්තවත්...අදටත් පුළුපුළුවන් විදියට උදව් කරනව.