Blogger Widgets
ධූමකේතුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.....Blogger Widgets

Friday, August 17, 2012

යාළුවන්ගෙ ආදර හුටපට - 01

හිත හිත ඉන්නකොට කල්පනාවට ආව නොවැ හොඳ මාතෘකාවක්.... මම මෙහෙම හිටියට නම් මොකෝ ඉස්සර ඉඳලම මට තැපැල් සේවයේ අත්දැකීම් නම් එමටයි. :D කීයක් නම් ලියුම් බෙදල තියෙනවද මගේ මේ පොඩි වයසට...කට්ටියගේ ලව් හුටප්පර වලට සප් එක දීල තියෙනව අනන්තවත්...අදටත් පුළුපුළුවන් විදියට උදව් කරනව.


කොල්ලෙක්ගේ හිතේ හා හා පුරා කියල කෙළිපැටික්කියෙක් ගැන හිතක් පහල උනාම ට්‍රයි කරන්න යනවනේ...අම්මෝ ඉතින් බොක්කෙන්ම ෆිට් පිරිමි යාළුවො ඉන්නව නම් ඔන්න ඉවරෙටම ඉවරයි...අනේ ඉතින් තරුමලී කෙල්ලත් නවය වසරෙ වගේ කාලෙ ඉඳලා ලියුම් බෙදන රස්සාවට බැස්ස නොවැ. හැබැයි එකක් කියන්න ඕන.වෙලාවකට ඇනයක් වගේ හිතුණත් කපොල් එකක් සෙට් වෙන්න කලින් ට්‍රයි කොරන අවදිය තමයි මාරම ගති. මම මේ අද කියන්න යන්නෙ මම ඔහොම සප් එක දුන්න පොඩි සිද්දි වලින් එකක් ගැන :D

මතක විදියට මම නවය වසරෙ.අපේ නෑදෑ වෙන අයිය කෙනෙක් හිටිය.අපි ඔක්කොම ගියේ ගාල්ලෙ ඉස්කෝල වලට.දන්න කට්ටිය දන්නව ඇතිනේ එහේ තියෙන්නෙම ගෑනු පිරිමි වෙන වෙනම ඉගෙන ගන්න ඉස්කෝලනෙ.ඉතින් දැන් අපේ මේ අයියගෙ හිතේ අදහසක් තිබිල තියෙනව අපේ ඉස්කෝලෙ අක්ක කෙනෙක් ගැන.කොහොම හරි ලියුම් ගෙනියන වැඩේ සෙට් උනේ මට. බුදුඅම්මෝ ඔය වැඩ එහෙම ඉස්කෝලෙට මාට්ටු උනොත් දන්නවනෙ ඉතින්. සෑහෙන ප්ලෑන් ගහල තමයි ඕව අරන් යන්නෙ. පොඩි පොඩි ලියුම් නම් කමක් නෑ කියමුකො. මේ යකා ගෙනත් දෙන්නෙ පිටු හය හතේ ලියුම්නෙ. සමහර වෙලාවට සුභපැතුම් පත්.....අවුරුද්දට එකයි, වෙසක් එකට එකයි, පොසොන් එකට තව එකයි, උපන්දිනේ, වැලන්ටයින්....මට ඉතින් මල පනින්නෙ අන්න එහෙම වෙලාවට තමයි. දැන් කොහොමද මේ වගේ පත සයිස් ඒව උස්සන් යන්නෙ ඉස්කෝලෙ....වෙලාවට ඉස්සර අපිට විෂයක් තිබුන ජීවන කුසලතා කියල. ඒකට අපි පාවිච්චි කලේ ලොකු සීආර් පොතක්. ඕකට ඉතින් හොඳට හයිය කවරයක් දාල ඒකට ඉටි කොලේකුත් දාලයි තිබුනෙ.දෙයියො මූණ බැලුව වගේ පොත් කවරෙ ඇතුලේ තමයි ඉතින් මම මගේ රැකියාව කරගෙන ගියේ බොහොම අහිංසක විදියට.කොච්චර මහන්සි වෙලා වැඩ කලත් කිසි ගතමනාවක් තිබුනේ නැහැනෙ. ඉතින් ටික කලක් යනකොට වැඩේ එපා වීගෙන ආව නිසා මම නිකන්ම ඕව බෑග් එකේ දාගෙන ආව දවසුත් තබුන.

මගේ වෙලාවට ඔය ලියුමක් අපේ අම්මට අහු උනානෙ එක දවසක්. අම්ම ලියුම් කවරෙත් ගලවල ලියුමත් කියවල බලල. අර අයිය අපේ නෑදෑයො නිසා අපේ අම්ම දන්නව එයාවත්. ඉතින් කන පුරවල අහගත්ත අම්මගෙන් පණ්ඩිත වැඩ කරනව කියල.(අම්ම කටින් නොකිව්වට සැනසුම් සුසුම් හෙලන්න ඇති ලියුම මට ලැබිච්ච එකක් නොවුන එකට..හිකිස්) ඒ කාලෙ ඒ අයිය අපේ ගෙදර එනව අපේ අම්මගෙන් ගණන් අහගන්න ඕලෙවල් වලට. බොහොම අමාරුවෙන් අම්මව පොරොන්දු කරගත්ත අයිය ආවම එයාගෙන් ඕව අහන්න යන්න එපා කියල.

ඔන්න අවසාන ජවනිකාව...කිසිම ගතමනාවක් නැතුව කරන් ගිය වැඩේ ගොඩ ගියේ එදා ඉඳල තමයි...ලුණු ඇඹුල් එහෙම දාල සිද්දිය කිව්ව අයියට. එයාටත් තේරුනා අන්තිමට මම කල මහඟු සේවාවක අගය. ඊට පස්සේ දවසෙම කරපු උදව් වලට කියල චොක්ලට් එකක් එහෙම ලැබුන. ඕක තනියම කන්න උනේ නැහැ හැබැයි. අපේ ඉස්කෝලෙ උන් එක්ක කොහේ තනියම චොක්ලට් කන්නද...කමක් නෑ ඉතින්. ඔය සිද්දියෙන් පස්සෙ සති දෙකකට පාරක් එහෙම චොක්ලට් ලැබුන අපරාදේ කියන්න බෑ :D
මොනවා උනත් කාලගුණ දන්න අයිය.....

ප.ලි. එයාල දෙන්න යාළු උනා ටික දවසකින්...චොකලට් නැතුව බඩ හෝස් ගගා අපි හිටිය.. දෙන්න තරහ වෙලා කියල ආරංචියක් ආව අවුරුදු දෙකකට විතර පස්සෙ. :(

16 comments:

  1. අඹ කොළ ... ෆොර්ට් සෙන්ටෙර්... අඳින්න මිනි ගවුම අඳින්න ඔය තුනෙන් එකක් වෙන්ට ඇති..?
    බලන් ගියාම මේ තුනේම ඉන්නේ දෙකට ගනින්න බෑ වගේ ඈයෝ..
    කොහොමද වැඩේ..?
    ෂිට් කලින් දන්නවා නම්... :( අපරාදේ..?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම එකක තමයි ඉතින්... අපේ ඉස්කෝලෙ ළමයි හරිම අහිංසකයි :)

      Delete
  2. තැපැල් මලී....හැක හැක...කාලෙකට පස්සේ කතාවක්...

    ReplyDelete
  3. හික්ස්...
    ඔහොම එන ලියුං වලට අයිඩියා දුන්න පොරක් තමා මම..
    අත් අකුරු එච්චරම ලස්සන නැති නිසා ලිව්වෙ වෙන එකෙක්..
    ලියුමක් එල කිරි වගේ ලියා ගන්න ඕනනං අපි දෙන්නට ඉන්ටර්වල් එකට ලෙමනේඩ් බෝතලයක් අරං දීම අනිවාර්ය උනා..
    පට්ට ආතල් ඉතිං..

    ReplyDelete
    Replies
    1. මමත් සපෝර්ට් කරල තියෙනව ඕවට...වෙලාව තියෙන විදියට ලියන්නම්කෝ.

      Delete
  4. අන්තිමට තරහ උන එක තමා අවුල :(

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත..ඒත් ඉතින් නොගැලපෙනව නම් අයින් වෙන එක තමයි හොඳ. :(

      Delete
  5. කිව්වත් වගේ යාලු වෙන්න හදන කාලෙ තමයි පට්ට ආතල්!

    ReplyDelete
  6. ඔව්.යාළුවෙන්න හදන එකාට වඩා එයාට උදව් කරන අපි වගේ අයට තමයි ගොඩක් ආතල්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.අපෝ ඒ උනාට මල ඇනයක් වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි :)

      Delete
  7. අප්පේ තියෙන අත්දැකීම් වල හැටියට තැපැල් ඇමති කරන්න තිබ්බේ! ;)

    ReplyDelete
    Replies
    1. කියලවත් කරගන්න බැරි උදව්වක්...මේ දවස්වල රස්සාවක් හොයනව මම :P

      Delete
  8. තරහ වුනේ යාළුවට හොරෙන් චොක්ලට් කාල මාට්ටු උනාම නේද?......හිහිහ්..........

    ReplyDelete
    Replies
    1. පිස්සුද? එහෙමත් මාට්ටු වෙන්න චොකලට් කනවද අපි :පී

      Delete