Blogger Widgets
ධූමකේතුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.....Blogger Widgets

Wednesday, August 8, 2012

මට විතරක් ඇයි


තප්පර මිනිත්තු
පැය දින 
සති මාස ගණනක්
ගෙවී ගෙවී යනවා
වැදගැම්මකට නැතුවම 
මම තව තවත් 
වයසටම යනවා
උදේ නැගිට්ටම 
පිම්මේ දුවගෙන 
යන්නෙ ටොප්ජෝබ්
දිනපතා දැම්මත් 
ජීවදත්තය
දිගට හරහට 
ඇති පලක් නෑ වගේ
දවසක්  කෙනෙක් කිව්වා 
වගේ මතකයි ලාවට
පහුවෙලාලු හරියන්නෙ
මේ මට
දුක තේරෙන්නෙ
මගේ පපුවට
විතරද

8 comments:

  1. සහසක් ඔබ වැන්නන්
    එකම මග තැවෙද්දී
    ඒ ඔබ පමණක් යයි
    නොසිතනු සබඳ මෙලෙසින්

    ReplyDelete
    Replies
    1. එහෙත් මටවන්
      සිදුවු විපතක්
      කෙනෙක් ඇත්නම්
      බොහෝ අඩුවෙන්

      Delete
  2. හ්ම්ම්ම්... කොහොමත් අපේ දුක තේරෙන්නේ අපිටම විතරයි..
    ඒත් නිර්මාණක ලස්සන නම් හැමෝටම තේරෙනවා.. ලස්සනයි නිසදැස...ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රතු :)

      Delete
  3. හොඳ දේවල් ලැබෙන්න ටිකක් කල් යනවා.එතකන් ඉවසලා ඉන්න

    ReplyDelete
    Replies
    1. හැමදාමත් ඒක තමයි කරන්නෙ :(

      Delete
  4. "පහුවෙලාලු හරියන්නෙ"......
    හෙහ් හෙහ් මමත් මෙහෙමයි...වෙනස තියෙන්නේ මම නම් කැමතියි හැම දාම මෙහෙමම ඉන්න තියෙනවා නම් එත් බෑනේ!!
    DongaAyya

    ReplyDelete
    Replies
    1. අපෝ මට නම් මෙහෙම ඉන්න බෑ බෑ බෑමයි

      Delete