Blogger Widgets
ධූමකේතුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.....Blogger Widgets

Wednesday, September 19, 2012

ලස්සනම හීනෙ…..


දෑස් ඇත තව ලංව
ඉන්න බෑ දැන් දුරස්ව
කිසිදාක නොම කීව
සෙනෙහෙ තව මා ගාව

ස්වප්නෙකින් මවෙත ආව
ඇවිත් මේ හිත ගාව
කීව ඒ බස් තාම
කිතිකවයි සිත මාව

උණුහුමට නිදන්ව
ඉන්න ආසයි තුරුල්ව
සඳ පෑයු රෑක
ඉන්නවද මේ දෑසගාව


වහින වැහි කෝඩෙ ගාව
සීතලයි හොඳටෝම
කළුවරට බය මාව
රකිනවද ඔබ සෑමදාම

හිරිකඩට ගුලිව ඉන්න
පියවෙන්න නෙත් ඔන්න මෙන්න
නළලතට හාදු දෙන්න
එපා දැන් තොල්පෙති තෙමන්න

12 comments:

  1. ම්ම්ම්.. ආදරණීය කවක්...
    ජය වේවා..

    ReplyDelete
  2. තුන් සිත දැහැන් ගත වෙනා..
    සිතුවිලි සසල කරවනා
    ජය හා සතුට...!!
    නියමයි සහෝ

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවට ස්තුතියි :)

      Delete
  3. 'පියවෙන්න නෙත් ඔන්න මෙන්න' මේ පදයට මම ගොඩක් කැමතියි..:)

    ReplyDelete
    Replies
    1. පුදුමෙ කියන්නෙ මාත් කැමතිම ඒකට හිරුවෝ

      Delete
  4. වහින වැහි කෝඩයක
    සීතලට ගුලි වෙන්න
    කළුවරට බය නුඹට
    එනවා මම සඳ වෙන්න

    :D

    ReplyDelete
    Replies
    1. වහින වැහි කෝඩයක
      කුඩයක්ව වී ඉන්න
      තිත්ත ගනකම් අඳුරෙ
      විදුලි බුබුලක් වෙන්න

      :D

      Delete
  5. මරු කවිය...
    හි හි...

    ReplyDelete