ධූමකේතුවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.....
Thursday, September 27, 2012
ආදරේට ආදරෙන්
කොච්චර හිතුවත් කතාවක් ලියන්න ඕන කියල කෝ ඉතින් නැහැනෙ කිසිම මූඩ් එකක් කතාවක් කියන්න. ගෙදරට වෙලා පාළුවෙන් ඉන්නකොට ඉතින් මම කරන්නෙ එක්කො සින්දුවක් අහනව නැත්නම් මොකක් හරි කවි කෑල්ලක් කුරුටු ගානවා. එතකොට අර කලින් තිබුන පාළුව කොහෙ ගියාද වගේ නැතුව යනව. හිතන් හිටියේ වෙනස් මාතෘකාවක කවියක් ලියන්න. අනේ ඉතින් ඒකෙත් හැටි බලන්නකො අන්තිමට මේකටත් ආදරේ ගෑවිලා..හිකිස්..රසවිඳින්න ටිකක් අමාරු උනත් ඔන්න ඔහේ දැම්ම..කියවල බලන්නකෝ......
වසන්තය පුරාවට
මල් පිපෙනව තමයි
එන සීත සෘතුවට
පරවෙනව දුකයි
අනේ ඒත්.............
සන්සාරෙ පුරාවට
ඕන කළ එකමදේ
ඔය මුළු දිවිමගම
තුටුමලින් සරසන්න
සිත්සෙනේ පුදදෙන්න
වැඩිදුර කියවන්න »
Wednesday, September 19, 2012
ලස්සනම හීනෙ…..
දෑස් ඇත තව ලංව
ඉන්න බෑ දැන් දුරස්ව
කිසිදාක නොම කීව
සෙනෙහෙ තව මා ගාව
ස්වප්නෙකින් මවෙත ආව
ඇවිත් මේ හිත ගාව
කීව ඒ බස් තාම
කිතිකවයි සිත මාව
උණුහුමට නිදන්ව
ඉන්න ආසයි තුරුල්ව
සඳ පෑයු රෑක
ඉන්නවද මේ දෑසගාව
වැඩිදුර කියවන්න »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)