තප්පර මිනිත්තු
පැය දින
සති මාස ගණනක්
ගෙවී ගෙවී යනවා
වැදගැම්මකට නැතුවම
මම තව තවත්
වයසටම යනවා
උදේ නැගිට්ටම
පිම්මේ දුවගෙන
යන්නෙ ටොප්ජෝබ්
දිනපතා දැම්මත්
ජීවදත්තය
දිගට හරහට
ඇති පලක් නෑ වගේ
දවසක් කෙනෙක් කිව්වා
වගේ මතකයි ලාවට
පහුවෙලාලු හරියන්නෙ
මේ මට
දුක තේරෙන්නෙ
මගේ පපුවට
විතරද
සහසක් ඔබ වැන්නන්
ReplyDeleteඑකම මග තැවෙද්දී
ඒ ඔබ පමණක් යයි
නොසිතනු සබඳ මෙලෙසින්
එහෙත් මටවන්
Deleteසිදුවු විපතක්
කෙනෙක් ඇත්නම්
බොහෝ අඩුවෙන්
හ්ම්ම්ම්... කොහොමත් අපේ දුක තේරෙන්නේ අපිටම විතරයි..
ReplyDeleteඒත් නිර්මාණක ලස්සන නම් හැමෝටම තේරෙනවා.. ලස්සනයි නිසදැස...ජය වේවා..
බොහොම ස්තූතියි රතු :)
Deleteහොඳ දේවල් ලැබෙන්න ටිකක් කල් යනවා.එතකන් ඉවසලා ඉන්න
ReplyDeleteහැමදාමත් ඒක තමයි කරන්නෙ :(
Delete"පහුවෙලාලු හරියන්නෙ"......
ReplyDeleteහෙහ් හෙහ් මමත් මෙහෙමයි...වෙනස තියෙන්නේ මම නම් කැමතියි හැම දාම මෙහෙමම ඉන්න තියෙනවා නම් එත් බෑනේ!!
DongaAyya
අපෝ මට නම් මෙහෙම ඉන්න බෑ බෑ බෑමයි
Delete