"අනේ කෝ තාම නැහැනේ ....දැන් මම කොච්චර වෙලා නම් හිටියද.මගේ කකුල් දෙකත් රිදෙනවා හිටගෙනම ඉඳල."
මම හිතින් හිතා ගත්ත.බස් එකට දිග පෝලිමක්.ඒ මදිවට ගොඩක් වෙලාවකින් බස් ආවෙත් නැහැනෙ.පෝලිමේ හිටගෙන ඉඳලම මගේ කකුල් දෙකත් හොඳටෝම රිදෙනව.දැන්නම් එයාට එන්න වෙලා.හොඳටම දන්නව මං ඇවිල්ල ගොඩක් වෙලා කියල.ඒත් තාම නැහැනෙ.
"හෙලෝ,ඔයා කොහෙද ඉන්නෙ අයියේ?එන්න තව ගොඩක් වෙලා යයිද?"
"තාම මග.තව ටිකයි,තව ටිකයි.ඔහොම ඉන්න මම ටක්ගාල එන්නම්කො"
මම දන්නෙ නැද්ද කපටිකම ඔයාගෙ. බොරුවට මාව සනසන්න කියනවා ටික දුරයි තව තියෙන්නෙ කියල. ඒත් ඉන්නෙ නම් තාම කිලෝමීටර් ගානක් ඈත. ඒ උනාට ඔයා පව්. ලේසියෙන්ම යන්න තියෙන ගමනනේ ඔයා මේ මම නිසා කට්ට කාගෙන එන්නෙ. නෝක්කාඩු අතරින් පුංචි දුකකුත් හිතට නොදැනුනාම නෙවෙයි මට.
පුදුමයි, දෙනෝදාහක් මූණු අතරෙ මගේ ඇස් ඔයාගෙ ඔය ලස්සන අහිංසක ඇස් තියෙන මූණ හෙව්ව හැටි.
ඔරලෝසු කටුව කැරකෙනව කැරකෙනව ඉවරයක් නෑ. කෝ තාමත් නැහැනෙ.
තවත් ටික වෙලාවක් ඒ වගේම ගෙවිල ගියා. ඒක පාරටම ඒ සුපුරුදු ඇස්, ඒ සුපුරුදු හිනාව.මගේ හිත සතුටින් කොච්චර නම් ඉපිල යනවද ඔයාගෙ මූණ දැක්කම.
"තාම බස් ආවෙ නැද්ද බබා.මට එන්න පරක්කු උනානෙ.බස් ඒක හෙමින් ආවෙ"
"මං දැන් ඇවිත් ගොඩක් වෙලා අයියේ මගෙන් ඕව අහන්න එපා.හිටගෙන ඉඳල කකුල් දෙකත් කැඩිල වගේ"
මම බොරු තරහ මූණක් දාගත්තෙ මං දන්නව මං එහෙම කරනවට ඔයා ආසයි කියල.
තවත් ගොඩක් වෙලාවකට පස්සෙ තමයි බස් එකක් ආවෙ. මහ සෙනග මැද්දෙ තෙරපි තෙරපි ගිහින් දෙන්නත් එක්කල සීට් එකක වාඩි උනා.
හිත සතුටින් පිරිලා ඉතිරිල ගිහිල්ල. ගොඩ දවසකින් ඔයාව දැක්කෙත් නෑ. මෙන්න දැන් ඔයා මං ළඟ. දැනුන සතුටට වචන නෑ.
හරි පුදුමයි. ඔයා ළඟ නැතිකොට මට ඔයා ගැන පොඩි හරි දුකක් තරහක් ආවත්, ඔයා ළඟ ඉන්නකොට ඔයාගෙ ඔය ආදර ඇස් තියෙන මූණ දැක්කම දුක කොහෙන් ගියාද දන්නෙ නෑ. තරහ කොහෙන් ගියාද දන්නෙ නෑ. මෙච්චරටම මම ඔයාට, ඔයා මට ආදරේ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. කොච්චර රණ්ඩුසරුවල් තිබුනත් ආදරේ කියන්නෙ කොච්චර ලස්සන දෙයක්ද කියල මට හිතුන වාර අනන්තයි. එදත් මට එහෙම හිතිච්ච දවසක්.
ඔය උඩින් වැටෙන ඉලව් එක්ක මේක කියවන්න බෑ
ReplyDeleteඔන්න දැන් ඒක නැහැ
Deleteකතාව ඉවර වුනාද? ලස්සන ආදර කතාවක්.
ReplyDeleteතවත් එකක් ලියන්නම්කො :)
Deleteලස්සන කතාව ,
ReplyDeleteකතාව ටිකක් විහිදුනානම් හොදයි වගේ.....
ඒක නම් මටත් හිතුනෝ....
ReplyDeleteඕ.....
ReplyDelete